javascript:void(0)

Pages

Picture

Tuesday, December 21, 2010

මස් අනුබවය කතෝලිකයන්ට කැපද අකැපද ?? මධුරංග ගේ කමෙන්ටුවට පිලිතුරක්

මා ගේ මස් අනුබවය කතෝලිකයන්ට කැපද අකැපද ?? සහමත්පැන් පානයට කිතුදහමෙන් රුකුලක් දි ඇද්ද ? යන ලිපි දෙකට ඔබ ලබා දි ඇති ප්‍රතිචාර ඉතා අගය කරනවා.

ඇත්තෙන්ම මධුරංග අපි මේ ගැන පසුවට වැඩි දුර කථා කරමු.

නමුත් නාස්තිකාර පුද්ගලයාගේ උපමා කථාව ඔබ සදහන් කල නිසා මෙය සදහන් නොකර සිටියහොත් යමි කෙනේක් එය වැරැදියට තේරැම්ගතහැකියි. ඒනිසායි ඔබේ ප්‍රතිචාරය දුටු විගසින්ම මෙය සටහන් කිරිමට අදහස් කලේ.

නාස්තිකාර පුද්ගලයාගේ කථාව උපමාවක්. උපමාවක් කියන්නේ යම්කිසි දෙයක් කෙනෙකුට ඉතා සරලව තේරැම් කර ගත හැකි වන ලෙස සමාජයේ පවතින උදාහරනයක් පෙන්වාදි පැහැදිලි කරිමයි. මේ උපමාවේදි පැහැදිලි ක​​ලේ දෙවියන් වහන්සේ අපට කොපමන වැරදි කලද අප ඒ වැරදි වලින් මිදි ​නිවරැදි මගට පැමිනෙන්නේ නම් ඒතුමන් ඉතා ප්‍රීතියෙන් අපව භාරගන්නා බවත් අප නිවරැදි මගට පැමිනෙන්නේ නම් අප වෙනුවෙනුවෙන් ඉතාම වැදගත් දෙයක් වුවද යෙදවීමට සුදානම් බවත්ය.

හිතන්න මිදි වත්තේ ස්වාමියාගේ උපමාව, එකේ ස්වාමියා තම සේවකයන්ට මිදි වත්ත බාරදි ටික කලකට පසු පලදාව ලබා ගැනිමට තමාගේ නියොජිතයෙකු යැවු විට ඔහුව මැරුවා. ඉ​ට පස්සේ තමාගේම පුතාව යැවු විට එයාවත් මැරැවා. එහෙනම් ඒ කථාව නිසා අපිට කියන්න පුලුවන්ද බයිබලයේ අහවල් තැන මිනි මැරිමක් සදහන් වෙනවා ඒ නිසා මිනි මැරැවාට කමක් නැහැ කියලා. කෙසේ වත් බැහැ නේද?.

බයිබලයේ තිබෙන් උපමා වල එහෙම නැත්නම් ඕනෑම උපමාවක තේරැම ඒ සමාජරටාවත් එක්ක අප විග්‍රාහා කලයුතු වෙනවා.

Monday, December 6, 2010

බයිබලය ශුද්ධවු මතෙවු 2 - mp3

අද සිට මා ඔබට ලබා දිමට සුදානම් වන්නේ mp3 මගින් බයිබලයේ කොටස් ඔබ​ වෙත ලබා දිමටයි. නත්තල ලග ලග පැමිනෙන බැ​වින "මතෙවු 2" පලමුවෙන් ලබාදිමට සිතුවෙමි. ඔබගේ අදහස් මෙම බොලොග් එකේ දියුනුව සදහා ඉතා අගය කොට සලකමි. ඔබට ජේසු පිහිටයි.

මෙ​තනින් අහන්න

Friday, December 3, 2010

මත්පැන් පානයට කිතුදහමෙන් රුකුලක් දි ඇද්ද ?

මේ ලිපියෙන් මා කථා කරන්නට බලාපොරෝත්තු වන්නේ මත්පැන් පානය කිරිම සම්බන්ධව අපි අතර ඇති වැරදි මතයක් පිලිබදවයි.

බොහො අය කියන්නේ ජේසුස් වහන්සේ අන්තිම භොජන සංග්‍රාහයටත් මිදි යුෂ භාවිතා කල නිසා මත් පැන් භාවිතයට ජේසුස් වහන්සේ තහංචි දමා නැති බවයි.
මාහට නොතේරෙන්නේ ඇයි මේ මිනිසුන් මිදියුෂ සහ මත්පැන් එසේත් නොමැතිනම් වයින් පටලවාගෙන ඇත්තේ කියායි. මේ කන්ඩ ඕනා විට කරබරගොයා තලගොයා කරගැනිමක් ලෙස මට පෙ​පෙනේ.

බයිබලයේ වයින් කියන වචනය අවශ්‍ය තැන නිවැරදිව භාවිතා කර ඇත.

මතක් කර බලන්න කානාන් නුවර වතුර වයින් කරපු කථාව එහි සදහන් කර ඇත්තේ වයින් ලෙස මිසක් මිදියුෂ ලෙස නොවේ.
තවද එම ක්‍රියාව ජේසුස් වහන්සේ කලේ දේවමැණියන් ගේ දැඩි ඉල්ලිමට මිසක් ස්වකැමැත්තෙන් නොවේ.
ඒ අනුව අපට පෙනෙනවා ජේසුස් වහන්සේ භාවිතා කර ඇත්තේ මිදියුෂ මිසක් වයින් නොවන බව.

මේ සම්බන්ධව තවදුරටත් කරැනු ඉදිරියේදි සොයා පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන අතර ඒ සදහා ඔබගේ අදහස් ඉතා අගය කරමි.

මෙහිදි කානාන් නුවර කථාව මතක්කල නිසා කියන්නම් මරියතුමියගේ මාර්ගයෙන් ඉල්ලන ඉල්ලිමක් අපට අනිවාර්යයෙන්ම ​ලැබෙන බව මේ කථාවෙන් පෙන්වා දෙනවා. ඒක මා පුද්ගලික අත්දැකීමෙන්ම දන්නවා.
ඔබත් මරියතුමියට ප්‍රිය ලෙස ජිවත් වන්න ඔබට යහපත උදාවේවි.
ඔබට ජේසු පිහිටයි

Thursday, December 2, 2010

මස් අනුබවය කතෝලිකයන්ට කැපද අකැපද ??



මේ සම්බනධව කතොලික සමාජයේ නිවැරැදි වැටහීමක් නොමැති බව පැහැදිලිය.
මාගේ අවබෝධයට අනුව මස් අනුබවය යනු දෙවියන් වහන්සේට ප්‍රිය නොකරන ක්‍රියාවක් නමුත්
එය බයිබලය ආශ්‍රිතව පැහැදිලි කිරිම යුතුවේ.

​​වෛරය ඇතිව තඩි ගවයෙකුගේ මස් කනවාට වඩා
​ප්‍රෙමය ඇතිව පලා කෑම යහපත්ය.
( හිතොපදෙශය 16-17 )

එසේනම් පිලිතුර ඔබටම පැහැදිලියි නේද?


මේ සම්බන්ධව තවදුරටත් ර්‍දගව සාකච්චා කිරිමට මා අදහස් කරනවා ඒ සදහා ඔබගේ අදහස් ඉතා අගය කොට සලකනවා