javascript:void(0)

Pages

Picture

Monday, June 27, 2011

දෙවියන් වහන්සේ මැවු ලොකය හොද සහ නරක යන දෙකක් ඇයි ?

දුප්පතුන්, පොහොසතුන්, රෝගීන්, නිරෝගීන්,කොරු, අන්ධයෝ තවත් මෙකි නොකි විවිධ විශම කොට්ටාශ රාශියක් අපට මේ ලෝකයේ දැකගතහැකිය. සිතන්න පොහොසතුන්, නිරෝගීන්, ප්‍රිතිමත් පුද්ගලයින පමණක් සිටින ලොකයක් ගැන එය කොතරම් සුන්දර වේද ? එහෙම නැත්නම් දුප්පතුන්, රෝගීන්, කොරු, අන්ධයෝ පමශණක් සිටින ලෝකයක් ගැන එය කොතරම් අසුන්දර ලෝකයක් වේද ?

ඔබට විශ්වස කරනන පුලුවන්ද අප පලමුවේන කථා කල සුන්දරවු ලොකයක් අපට තිබුනු බව. ඇත්තෙන්ම ආදම් සහ ඒවව මවා අපට දෙවියන්වහන්සේ විසින් ලබා දුන්නේ එවැනිවු සුන්දර ලෝකයක්. එහි පොහොසත් දුප්පත් කියා වෙන් කිරිමට දෙයක් තිබුනේම නැහැ. සුන්දරවු ලෝකයක සුන්දර ජිවිතයක් ආදම් සහ එවට හිමිවුනා. අප යක්ෂයාගේ පෙලබවිම්වලට හසු නොවි සිටියානම් අදටත් අපට එම සුන්දරවු ලොකයේ ජිවත්වන්නට තිබුනා.

වැදගත්ම කාරණය එය නොවෙයි, අප දෙවියන් වහන්සේගේ අණ නොතකමින්, තවදුරටත් යක්ෂයාට ඇලුම් කර කර මේ යන්නේ කොහේද කියන එකයි. මටනම් හැගෙන්නේ අප මේ ගමන් කරමින් සිටින්නේ දුප්පතුන්, රෝගීන්, කොරු, අන්ධයෝ පමණක් සිටින අසුන්දර ලෝකයක් වෙතටයි. එය එසේ නොවෙයි කියා කාටනම් කිවහැකිද ? දැනටමත් සමහර රටවල් ඒ ආසන්නයට පැමින නැද්ද?

ඒසේනම් දෙවියන් වහන්සේ සර්වබලධාරි ද ? ඇත්තෙන්ම ඔවු සර්වබලධාරි යනු සියල්ල කල හැකි යන්න මිසක් සියල්ල කරන යන අදහස නොවේ. දෙවියන් වහන්සේට යක්ෂයා යටය නමුත් ආරම්භයේ පටන්ම යක්ෂයා දෙවියන් වහන්සේට විරැද්ධව පාපයට ලැදිව කටයුතු කලේය. ඉහත සදහන් කල සියලුම මිනිසාට පීඩා ගෙනදෙන ක්‍රියා යක්ෂයාගේ ක්‍රියාවේ. උදාහරණයක් ලෙස උපතින්ම පාදයක් අහිමිව ඉපදෙන කුඩා දරැවෙක් සලකමු මෙය යක්ෂයාගේ ක්‍රියාවක් මිස දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් නොවේ. නමුත් බොහෝ කතොලිකයන් පුරැදුව සිටින්නේ මෙය දෙවියන්ගේ කැමැත්ත ලෙස සලකා නිහඩව සිටින්නය. එලෙස නිහඩව සිටිමෙන් සිද්ධවන්නේ ඔවුන්ගේ දෙවන දරැවාටත් එවැනිම උපද්‍රවයකට මුහුන දිමට සිදුවිමය. මෙවැනි අවස්ථාවක කල යුත්තේ තම පවුලට ඇති යක්ෂබලපැම ඉවත් කර ගැනිමට කටයුතු කිරිමයි. මා සිතනවා මට වඩා හොදින් මෙලෙස යක්ෂයින් බන්දාගෙන යකුන්ලවා දරැගැබ් විනාශ කරන ආකරය ගැන විස්තර දන්නා අය ඇතැයි කියා එවැනි කෙනෙකුගේ මේසම්බන්ධව දීර්ග ලිපියක් දකින්න ලැබෙන්නේනම් හොදය.

යක්ෂයා අප පමණක් නොව දෙවියන්ගේ පුත්වු ජේසුස් වහන්සෙවද පාපයට යොමු කිරිමට උත්සහ දරා ඇත ඒ බව ශු. ලූක් 4.1-13 දක්වා සදහන්වේ. ඒ සදහා සවන්දෙන්න.

තවද යම් පුදගලයෙකුගේ ​දුප්පත් පොහොසත් කම හෝ රෝගි නිරෝගි බව තිරනය විමට තවත් බොහෝ කරැනු ඉවහල් වේ. තවත් එක් කරැනක් වන්නේ උත්පත්තියෙන් අප රැගෙන එන පාප කර්මයයි එය කතොලිකයන් හදුන්වන්නේ ජන්ම පාපය (ජන්ම දොෂය ලෙසද හදුන්වයි) ලෙසයි. මේ අපගේ දෙමාපියන් මුතුන්මිත්තන් සහ ආදම් සහ ඒව කල පවුනිසා අපට උරැමවු දෙයකි. ​ජන්ම දෝෂයක් නොමැතිවු අයනම් ආදම් සහ ඒව, මරියතුමි සහ ජේසුස් වහන්සේ පමණි.මෙය අපට එත්තු ගැන්වෙන හොද නිදසුනක් වන්නෙ වැරදිඅකර වලින් මුදල් උපයන අයට බොහොවිට අංගවිකල ලමයි හම්බවෙ. බවුතිස්ම ස්නාපනය ලැබි​මෙන් අප ජන්මදෝෂයෙන් නිදහස්වේ එනම් එයින් ඉදිරියට ජම්මදෝෂය නිසා අපට බලපැමක් ඇති නොවේ.

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ආදම් සහ ඒව ලෙඩනොවන වයසට පත්නොවන මරණයට පත්නොවන අයද?

    ReplyDelete
  3. ඔබ කියන කාරණා එකකට එකක් පරස්පරයි...
    1. ආදම් සහ ඒව ලෙඩනොවන වයසට පත්නොවන මරණයට පත්නොවන අයද? එසේ නොවේ නම් අද ඒ අය කෝ?

    2.ඔබට අනුව ලෝකය යක්ෂයාට බිලිවෙමින් පවතී..ඉතින් සර්වබලධාරී දෙවියන්ට කිසිවක් කිරීමට නොහැකිද? සර්වබලධාරී කමේ ඇති ප්‍රයෝජනේ කිම?

    3. "..ජන්ම දෝෂයක් නොමැතිවු අයනම් ආදම් සහ ඒව, මරියතුමි සහ ජේසුස් වහන්සේ පමණි..." ජේසුස් වහන්සේ කුරුසයේ තබා ඇනගසන විට ඔහු වින්දේ දුකක්ද, සැපක්ද? මේ දෙස බලාසිටි මරියතුමී වින්දෙ සැපක්ද දුකක්ද? එයට වගකිය යුත්තේ කවුද? එය ජන්ම පාපයක් නොවේද?

    ReplyDelete
  4. ඔබට ස්තුතියි මා ඇසූ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වීම සම්බන්ධයෙන්.
    ඔබ මා කතා කර ඇති අනෙක් ක්‍රිස්තියානී පුද්ගල කුලකයෙන් මද වශයෙන් අපගමනයකට
    ලක්වූ කෙනෙක් බව දැන ගැනීම සතුටක්.ඔබේ ලිපිය කියවීමෙන් මා තුල පහත ගැටලු මතුවුනා.
    ඒවාට පිළිතුරු දිය හැකි නම් අගේ කොට සලකනවා...

    [said]
    ඔබට විශ්වස කරනන පුලුවන්ද අප පලමුවේන කථා කල සුන්දරවු ලොකයක් අපට තිබුනු බව.
    ඇත්තෙන්ම ආදම් සහ ඒවව මවා අපට දෙවියන්වහන්සේ විසින් ලබා දුන්නේ එවැනිවු සුන්දර ලෝකයක්.
    එහි පොහොසත් දුප්පත් කියා වෙන් කිරිමට දෙයක් තිබුනේම නැහැ. සුන්දරවු ලෝකයක සුන්දර ජිවිතයක් ආදම්
    සහ එවට හිමිවුනා. අප යක්ෂයාගේ පෙලබවිම්වලට හසු නොවි සිටියානම් අදටත් අපට එම සුන්දරවු ලොකයේ ජිවත්වන්නට තිබුනා.
    [/said]

    මෙන්න එක් ගැටලුවක් ..
    ලෝකය දෙවියන් වහන්සේගේ නිර්මාණයකැයි ඔබ පවසනවා. එසේනම් ලෝකයේ අන්තර්ගත හැම දෙයක්ම උන්වහන්සේගේ
    නිර්මාණයක් විය යුතුයි.හොඳයි එය එසේ නම් යක්ෂයා පැමිණියේ කොහෙන්ද? යක්ෂයා නිර්මාණය වුනේ කොහෙන්ද?

    යක්ෂයා නිර්මාණය කලේ දෙවියන්වහන්සේ නම් උන්වහන්සේ උන්වහන්සේට විරුද්ධව කටයුතු කරන සහ උන්වහන්සේගේ
    මැවීම් වලට වින කටින නිර්මාණයක් උන්වහන්සේ අතින් නිම වූයේ ඇයි.ඒ බව දැන දැනම යක්ෂයා නිර්මාණය කලානම්
    උන්වහන්සේ කාරුණික නැහැ.
    නොදැන නිර්මාණය කලානම් දෙවියන් වහන්සේ සර්වබලධාරී වන්නට බැහැ. මොකද සර්වබලධාරී කෙනෙකුට අනාගතය නොපෙනෙනවා
    යැයි කීම විහිලුවක් නිසා.

    අනික් අතට යක්ෂයා එදා ඉඳලා හිටියා නම් යක්ෂයා ඇතිවුනේ කොහොමද? යක්ෂයා ඉබේ ඇතිවුනා නම් මැවුම් වාදය බොරුවෙනවා.
    යක්ෂයා වෙන කවුරුන් හෝ මැව්වා නම් ආයෙත් කියන්න තියෙන්නේ දෙවියන් වහන්සේ සර්වබලධාරී නැහැ කියලා..

    මේ මට පැන නැගුන එක ගැටලුවක්..තව තියනවා.ඒවා පසුවට..එතෙක් ජය ශ්‍රී....

    ReplyDelete
  5. කියල තියෙන හැම දෙයක් එක්කම එකඟ වෙන්නෙ නැති උනත්, දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබේ උත්සාහයට සුභ පතමි !

    ReplyDelete
  6. ඇසූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන්නේ නම් අගේකොට සලකමි

    ReplyDelete
  7. හැකි ඉක්මනින් පිලිතුරැ සපයන්නම්. කාර්යබහුලත්වය නිසා පිලිතුරැ සැපයිමට ප්‍රමාද විමෙන් ඔබට වන අපහාසුව සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරමි. ඔබ සැමට ජේසු පිහිටයි!

    ReplyDelete
  8. ආදම් සහ ඒවගේ කතාව සහ මැවුම් වාදය පල්ලියේදි මා ඉගෙන ගත්තේ ඒ සියලු කතා ජනප්‍රවාද සහ පරණ දේව කතා වලින් බයිබලයට උපුටා ගන්නක් බවයි.ඇත්තෙන්ම ඒදා නොදියුනු සමාජට ලෝකය දෙස බලන්නට ඇත්තේ ද අවට ඇතිදේවල් කව්රැන් විසින් හෝ නිර්මානය කරන ලද දේවල් නිසා ලොකය නිර්මානය කරන්නටද කෙනෙක් ඇති බවයි.නිමැමුම් කරැවෙකු නැති නිසා එය දෙවියන්ට බාර දුනි.අනෙක් අතට එය මිනිසුන් පාලනය කිරීම සදහාද හොදම ආයුදයක් බවට පත් විය.මේ බොරැ දෙවියෙකුට මුවා වී ගල්ගසා මරා දැමු හා ගම්මාන වලට කඩා වැදී විනාශ කරන ලද මිනිසුන්ගේ ජීවිතගනන කොපමන දැයි බයිබලයේ පරන ගිවිසු කියවීමෙන් දන ගත හැක. එලෙස කිරීමට අණකරන ලද්දේ දෙවියන් ද යක්ෂයා ද?
    දරැවෙකු කකුලක් නැතිව ඉපදීම වෛද්‍ය විද්‍යත්මක ඇසින් බැලිය යුතු දෙයක් මිස යක්ෂ දෘශ්ථි කෝනයකින් බැලීය යුත්තක් නොවේ.
    සියලු හොද දේවල් දෙවියන්ට ද නරක දේ වල් යක්ශයාටද බාර වේ. යක්ෂයා ද දෙවියන්ගේ වැමීමක් නිසා ඒ නරක දේටද අවසාන වශයෙන් දෙවියන් වගකිය යුතුය.
    කෙසේ වෙතත් දෙවියන් සිටිනවාය කියා සිතා සිටින මිනිසුන් ඇත්තටම ගණු දෙණු කරනු යේ තම සිතත් සමගම බැව් මේ මොඩ මිනිසුන් කවදා තේරැම් ගනු ඇත් ද?

    ReplyDelete