javascript:void(0)

Pages

Picture

Monday, June 27, 2011

දෙවියන් වහන්සේ මැවු ලොකය හොද සහ නරක යන දෙකක් ඇයි ?

දුප්පතුන්, පොහොසතුන්, රෝගීන්, නිරෝගීන්,කොරු, අන්ධයෝ තවත් මෙකි නොකි විවිධ විශම කොට්ටාශ රාශියක් අපට මේ ලෝකයේ දැකගතහැකිය. සිතන්න පොහොසතුන්, නිරෝගීන්, ප්‍රිතිමත් පුද්ගලයින පමණක් සිටින ලොකයක් ගැන එය කොතරම් සුන්දර වේද ? එහෙම නැත්නම් දුප්පතුන්, රෝගීන්, කොරු, අන්ධයෝ පමශණක් සිටින ලෝකයක් ගැන එය කොතරම් අසුන්දර ලෝකයක් වේද ?

ඔබට විශ්වස කරනන පුලුවන්ද අප පලමුවේන කථා කල සුන්දරවු ලොකයක් අපට තිබුනු බව. ඇත්තෙන්ම ආදම් සහ ඒවව මවා අපට දෙවියන්වහන්සේ විසින් ලබා දුන්නේ එවැනිවු සුන්දර ලෝකයක්. එහි පොහොසත් දුප්පත් කියා වෙන් කිරිමට දෙයක් තිබුනේම නැහැ. සුන්දරවු ලෝකයක සුන්දර ජිවිතයක් ආදම් සහ එවට හිමිවුනා. අප යක්ෂයාගේ පෙලබවිම්වලට හසු නොවි සිටියානම් අදටත් අපට එම සුන්දරවු ලොකයේ ජිවත්වන්නට තිබුනා.

වැදගත්ම කාරණය එය නොවෙයි, අප දෙවියන් වහන්සේගේ අණ නොතකමින්, තවදුරටත් යක්ෂයාට ඇලුම් කර කර මේ යන්නේ කොහේද කියන එකයි. මටනම් හැගෙන්නේ අප මේ ගමන් කරමින් සිටින්නේ දුප්පතුන්, රෝගීන්, කොරු, අන්ධයෝ පමණක් සිටින අසුන්දර ලෝකයක් වෙතටයි. එය එසේ නොවෙයි කියා කාටනම් කිවහැකිද ? දැනටමත් සමහර රටවල් ඒ ආසන්නයට පැමින නැද්ද?

ඒසේනම් දෙවියන් වහන්සේ සර්වබලධාරි ද ? ඇත්තෙන්ම ඔවු සර්වබලධාරි යනු සියල්ල කල හැකි යන්න මිසක් සියල්ල කරන යන අදහස නොවේ. දෙවියන් වහන්සේට යක්ෂයා යටය නමුත් ආරම්භයේ පටන්ම යක්ෂයා දෙවියන් වහන්සේට විරැද්ධව පාපයට ලැදිව කටයුතු කලේය. ඉහත සදහන් කල සියලුම මිනිසාට පීඩා ගෙනදෙන ක්‍රියා යක්ෂයාගේ ක්‍රියාවේ. උදාහරණයක් ලෙස උපතින්ම පාදයක් අහිමිව ඉපදෙන කුඩා දරැවෙක් සලකමු මෙය යක්ෂයාගේ ක්‍රියාවක් මිස දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් නොවේ. නමුත් බොහෝ කතොලිකයන් පුරැදුව සිටින්නේ මෙය දෙවියන්ගේ කැමැත්ත ලෙස සලකා නිහඩව සිටින්නය. එලෙස නිහඩව සිටිමෙන් සිද්ධවන්නේ ඔවුන්ගේ දෙවන දරැවාටත් එවැනිම උපද්‍රවයකට මුහුන දිමට සිදුවිමය. මෙවැනි අවස්ථාවක කල යුත්තේ තම පවුලට ඇති යක්ෂබලපැම ඉවත් කර ගැනිමට කටයුතු කිරිමයි. මා සිතනවා මට වඩා හොදින් මෙලෙස යක්ෂයින් බන්දාගෙන යකුන්ලවා දරැගැබ් විනාශ කරන ආකරය ගැන විස්තර දන්නා අය ඇතැයි කියා එවැනි කෙනෙකුගේ මේසම්බන්ධව දීර්ග ලිපියක් දකින්න ලැබෙන්නේනම් හොදය.

යක්ෂයා අප පමණක් නොව දෙවියන්ගේ පුත්වු ජේසුස් වහන්සෙවද පාපයට යොමු කිරිමට උත්සහ දරා ඇත ඒ බව ශු. ලූක් 4.1-13 දක්වා සදහන්වේ. ඒ සදහා සවන්දෙන්න.

තවද යම් පුදගලයෙකුගේ ​දුප්පත් පොහොසත් කම හෝ රෝගි නිරෝගි බව තිරනය විමට තවත් බොහෝ කරැනු ඉවහල් වේ. තවත් එක් කරැනක් වන්නේ උත්පත්තියෙන් අප රැගෙන එන පාප කර්මයයි එය කතොලිකයන් හදුන්වන්නේ ජන්ම පාපය (ජන්ම දොෂය ලෙසද හදුන්වයි) ලෙසයි. මේ අපගේ දෙමාපියන් මුතුන්මිත්තන් සහ ආදම් සහ ඒව කල පවුනිසා අපට උරැමවු දෙයකි. ​ජන්ම දෝෂයක් නොමැතිවු අයනම් ආදම් සහ ඒව, මරියතුමි සහ ජේසුස් වහන්සේ පමණි.මෙය අපට එත්තු ගැන්වෙන හොද නිදසුනක් වන්නෙ වැරදිඅකර වලින් මුදල් උපයන අයට බොහොවිට අංගවිකල ලමයි හම්බවෙ. බවුතිස්ම ස්නාපනය ලැබි​මෙන් අප ජන්මදෝෂයෙන් නිදහස්වේ එනම් එයින් ඉදිරියට ජම්මදෝෂය නිසා අපට බලපැමක් ඇති නොවේ.

Sunday, June 26, 2011

අවස්ථා තුනක් මගහැරිම

එක් පුද්ග​ලයෙක් සිටියා ඔහු ඉතාමත් භක්තිවන්තයි. දෙවියන්ගේ අනට ඉතා කිකරැයි.
ඔහු කිසිම පාපයක් නොකලේය.


දිනක් රාත්‍රියේ මහා ගංවතුරක් අවේය. ගෙදර සියලුදෙනා අවදිව වහා උස්බිමකට යැමට අර පුද්ගලයාට කථා කලේය. එහෙත් ඔහු කියා සිටියේ. මා හට විපතක් සිදුනොවේ විපතක් උවහොත් මා ගලවා ගැනිමට දෙවියන්වහන්සේ පැමිනෙනු ඈතයි කීය.
ගෙයින් අඩක් ගංවතුරින් යටවු පසු බොට්ටුවක් පැමින ඔහු කැදවුයේය එවිටද ඔහු එසේම කියා එම අවස්ථාවද මගහැරියේය.
ඔහු වහලය උඩට නැගීය. වහලය තෙක් වතුර පැමිනිකල නැවතත් ගුවනින් පැමිනි කන්ඩායමක්ද එලෙසම ඔහු ප්‍රතිකෂ්ප කලේය. අවසානයේ ගංවතුරට හසුවි ඔහු මලේය.
එහෙත් ඔහු ෂ්වරගයට ගියේය. එවිට ඔහු දෙවියන් අමතා ස්වාමිනි මා මෙතරම් ඔබට කිකරැව සිටියදිත් මා ගංවතුරට හසුවිමට ඉඩහැරියේ මන්ද?
දෙවියන් වහන්සේ උත්තර දෙමින් මා ඔබව ගලවා ගැනිමට මාගේ දුතයන් අවස්ථා තුනක​දි ඔබ වෙත එවු නමුත් ඔබ එම අවස්තා මගහැරියේය ඉතින් මාහට දොස් නොකියන්න.

දෙවියන්වහන්සේ ගේ දුතයන් ලෙස සාමාන්‍ය මිනිසාම ක්‍රියා කරයි. සැම විටම පියාපත් ඈති දෙව දුතයන් ඔබ ​වෙත පැමිනෙන්නේ නැත. මේ ලොකය තුල අපට ඈති ගැටලු වලට විසදුම් මේ ලොකය තුලම ඈත. විසදුමක් නැතිනම් පමණක් ​ශුද්ධාත්ම බලයෙන් විසදුමක් සෙවිම කලයුතුයි යන්න මාගේ හැගිමයි. කුඩා ලමයෙක් තමන්ටම කරගත හැකි කුඩා දෙයක් කරගැනිමට තමන්ගේ පියාට නැවත නැවත කරදර කරන්නේ නම් තාත්තාට කුමක් සිතෙයිද? ඒ අවස්ථාවේදි තමාගේ තවත් දරැවෙකුට යමක් කරදිමට ඈත්නම් ඒ සදහා මුල් තැන නොදේන්නේද?

​ජේසුස් වහන්සේද සුවකිරිම් කලේය එහෙත් කිසිම තැනක සාමාන්‍යයේන් ​​වෛද්‍ය ප්‍රතිකාර ලබා දි සුව කලහැකි සුලු රොග සුව කර නොමැත. සමකර ඈත්තේ අංශභග රොගින්, අන්දයින්, කොරැන් වැනි අයයි.

මා මේලිපිය ලිවිමට මුලික උනේ මාගේ "ලෙඩුන් සුවකිරිමට ඔබටත් හැකිද?" යන ලිපියට දමා තිබු ඈනෝ කමෙන්ටුවකි
ඔහුගේ මාමාට සිදුවි ඈත්තේත් මෙවැනිම සිදුවිමකි.

Wednesday, June 22, 2011

ලෙඩුන් සුවකිරිමට ඔබටත් හැකිද?

අප 12 වන ඉරිදා ශුද්ධාත්මයානන්ගේ මංගල්‍ය පුජාවට සහභාගී උනෙමු.

 එහිදි පුජක තුමා ඈසුවා ඔබ ශුද්ධාත්මයනන් අත්විදිනවාද කියා. ඇත්තෙන්ම ඔවු මා ශුද්ධාත්මයනන් අත් විදින කෙනෙක්. මගේ ජිවිතයේ ඉතාමත් ප්‍රභල ලෙස ශුද්ධාත්මයානන්ව අත් විදපු අවස්ථාවක් ඔබසමග බෙදා ගැනිමටයි මා සුදානම් වන්නේ.

මාගේ වැඩිමහල් නැනන්ඩිය ඒවන විට අවුරැදු 8 පිලිකාරෝගයකින් පෙලුනා. ඒ අවස්ථාවේ ඇය සිටියේ මරනය අබියසයි. එවිට මාගේ පෙම්වතිය මාගෙන් අසුවා ආගමික වශයෙන් කරන්ඩ දෙයක් තියෙ​නවාද කියලා මොකද ඇය කතොලික නෙවෙයි. 

මම කිවුවා ඔයා දැඩිව විශ්වස කරනවානම් කරන්ඩ පුලුවන් අපි දෙවියන්ගේන ඉල්ලමු කියලා.
ඒවන විට ඇය රොහලේ මරනයට අතඇරලයි හිටියේ.

ලෙඩ්ඩු බලන වෙලාවට ගෙදර අය යන්නේ මිනිය ගෙදර ගේන්ඩ බලාගෙන. එදා උදේ ඉදන් දවල් වෙනකම් යාක්න්යා කලා පසුව දොලහට ලේඩ්ඩු බලන්ඩ යන වෙලාවේදි මා කවුවා "දැන් ගිහින් බලන්න" කියලා. මේ වාක්‍යය මාගේ කටින් පිට වුනේ හරියට බලය ඈති කෙනෙක් කියනවා වාගේ හරියට අනක් වගේ.

මෙන්න ශුද්ධාත්ම බලය කථාකරන්න බැරැව, කැමක් කන්ඩබැරැව. මැරෙනකම් බලා සිටපුකෙනා කථා කරලා කියලා තියෙන්නේ මාව බලන්න ඕනා කියලා. එහෙම කියන්න එයා දැනගෙන හිටියේ නැහැ අපි එයා වෙනුවෙන් යාක්නායා කල බවක්වත්.
 පසු දිනම මා ඈය බලන්න ගියා රොහලේදි යාක්න්යා කලා.
දින දෙකකින් ඈය සනිප විගෙදර ආවා. පුදුමයි නේද
 මේමාගේ බලයක් එහෙම නෙවෙයි එක තමයි ශුද්ධාත්ම බලය

මා මේ කථාව කිවුවේ පම්පොරියක් ගැසිමට නොවේ. මන්වගේ කෙනෙකුට මෙතරම් දෙයක් කිරිමට ශුද්ධාත්ම වරම් දෙවියන් වහන්සේ දෙනවානම් මෙය කියවන ඔබ වැනි අයට දෙවියන්ගේ වරම් කොපමණ ඈද්ද? මොකද මම එහෙම කිවුවේ ඒ වන විට මා අඩුම තරමේ සැම ඉරිදාවකම පල්ලියට යන තරම්වත් බැතිමතෙක් නොවුන නිසයි.
දිගටම ​මේසමග රැදිසිටින්න ඔබට දෙවින්කෙරේ ලංවිය හැකි ආකාරය ගැන මට පුලුවන් ආකාරයට කියා දෙන්නම්.

එහෙනම් ශු. මතෙවු තුමාගේ 6 වන පරි​ච්චෙදයටත් සවන්දෙන්නකො

Tuesday, June 21, 2011

ඉල්ලන්නාට ලැබේ, සොයන්නාට සම්බවේ, තට්ටුකරන්නාට දොරඇරේ

ඉල්ලන්න එවිට දෙනු ලැබේ.



පලමුව මෙම බයිබල් වැකියට සවන්දෙන්. ඊලග ලිපියෙන් මා ඔබට  දෙවියන් වහන්සේගෙන් ඔබට අවශ්‍යදේ ඉල්ලා ගැනිම සදහා උදවු කරන්න නයි සුදානම් වෙන්නේ

Thursday, February 3, 2011

මස් අනුබවය යනු දෙවියන් වහන්සේට ප්‍රිය නොකරන ක්‍රියාවක් ??

මේ සම්බනධව කතොලික සමාජයේ නිවැරැදි වැටහීමක් නොමැති බව පැහැදිලිය.
මාගේ අවබෝධයට අනුව මස් අනුබවය යනු දෙවියන් වහන්සේට ප්‍රිය නොකරන ක්‍රියාවක් නමුත්
එය බයිබලය ආශ්‍රිතව පැහැදිලි කිරිම යුතුවේ.

​​වෛරය ඇතිව තඩි ගවයෙකුගේ මස් කනවාට වඩා
​ප්‍රෙමය ඇතිව පලා කෑම යහපත්ය.
( හිතොපදෙශය 16-17 )

එසේනම් පිලිතුර ඔබටම පැහැදිලියි නේද?


මේ සම්බන්ධව තවදුරටත් ර්‍දගව සාකච්චා කිරිමට මා අදහස් කරනවා ඒ සදහා ඔබගේ අදහස් ඉතා අගය කොට සලකනවා

Tuesday, January 4, 2011

mp3 බයිබල් කථා එපාද ?

ඔබට මතක ඈති මා බයිබලයේ කථා සිංහල හඩින් ලබා දුන්නා
මෙලෙස සම්පූර්නයෙන්ම නවගිවිසුම ලබාදිමට අදහස් කල නමුත්
ඔබ ගේ ප්‍රතිචාර අඩු බැවින් එය ඔබට ප්‍රයෝජනවද්දැයි මම නොදනිමි.
මෙවැනි mp3 upload කිරිමට විසාල කාලයක් යන බැවින් ඒ සදහා
ඔබගේ අදහස් ඉතා අගය කර සිටිමි.