javascript:void(0)

Pages

Picture

Friday, December 3, 2010

මත්පැන් පානයට කිතුදහමෙන් රුකුලක් දි ඇද්ද ?

මේ ලිපියෙන් මා කථා කරන්නට බලාපොරෝත්තු වන්නේ මත්පැන් පානය කිරිම සම්බන්ධව අපි අතර ඇති වැරදි මතයක් පිලිබදවයි.

බොහො අය කියන්නේ ජේසුස් වහන්සේ අන්තිම භොජන සංග්‍රාහයටත් මිදි යුෂ භාවිතා කල නිසා මත් පැන් භාවිතයට ජේසුස් වහන්සේ තහංචි දමා නැති බවයි.
මාහට නොතේරෙන්නේ ඇයි මේ මිනිසුන් මිදියුෂ සහ මත්පැන් එසේත් නොමැතිනම් වයින් පටලවාගෙන ඇත්තේ කියායි. මේ කන්ඩ ඕනා විට කරබරගොයා තලගොයා කරගැනිමක් ලෙස මට පෙ​පෙනේ.

බයිබලයේ වයින් කියන වචනය අවශ්‍ය තැන නිවැරදිව භාවිතා කර ඇත.

මතක් කර බලන්න කානාන් නුවර වතුර වයින් කරපු කථාව එහි සදහන් කර ඇත්තේ වයින් ලෙස මිසක් මිදියුෂ ලෙස නොවේ.
තවද එම ක්‍රියාව ජේසුස් වහන්සේ කලේ දේවමැණියන් ගේ දැඩි ඉල්ලිමට මිසක් ස්වකැමැත්තෙන් නොවේ.
ඒ අනුව අපට පෙනෙනවා ජේසුස් වහන්සේ භාවිතා කර ඇත්තේ මිදියුෂ මිසක් වයින් නොවන බව.

මේ සම්බන්ධව තවදුරටත් කරැනු ඉදිරියේදි සොයා පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන අතර ඒ සදහා ඔබගේ අදහස් ඉතා අගය කරමි.

මෙහිදි කානාන් නුවර කථාව මතක්කල නිසා කියන්නම් මරියතුමියගේ මාර්ගයෙන් ඉල්ලන ඉල්ලිමක් අපට අනිවාර්යයෙන්ම ​ලැබෙන බව මේ කථාවෙන් පෙන්වා දෙනවා. ඒක මා පුද්ගලික අත්දැකීමෙන්ම දන්නවා.
ඔබත් මරියතුමියට ප්‍රිය ලෙස ජිවත් වන්න ඔබට යහපත උදාවේවි.
ඔබට ජේසු පිහිටයි

2 comments:

  1. ඒක නම් ඇත්ත කතාව. ඔය සමහර මිනිස්සු කතෝලික අයගේ විවහා උත්සව වලට එහෙම එන්නේ මත්පැන් බොන්න ම නේ. ඒ එද්දි සමහරු හිතාගෙන ඉන්නවා බයිබලයේ එහෙම මත්පැන් පානය කිරීම තහනම් කරලා නෑ කියලා. ඇත්තටම ඒක වැරදි කතාවක් !!!

    ජේසුස් වහන්සේ කවදාවත් මත්පැන අනුමත කරපු කෙනෙක් නෙමෙයි. මම නම් හිතන්නේ නෑ බයිබලයේ පැරනි ගිවිසුමේවත් (මෝසෙස්ගේ ව්‍යවස්තාවේ ) ඔය මත්පැන් පානය කිරීම හොදයි කියලා තියෙනවා කියලා.

    ReplyDelete
  2. Just have a look : http://sinhala-catholic.blogspot.com/2010/10/blog-post_26.html

    ReplyDelete