javascript:void(0)

Pages

Picture

Tuesday, December 21, 2010

මස් අනුබවය කතෝලිකයන්ට කැපද අකැපද ?? මධුරංග ගේ කමෙන්ටුවට පිලිතුරක්

මා ගේ මස් අනුබවය කතෝලිකයන්ට කැපද අකැපද ?? සහමත්පැන් පානයට කිතුදහමෙන් රුකුලක් දි ඇද්ද ? යන ලිපි දෙකට ඔබ ලබා දි ඇති ප්‍රතිචාර ඉතා අගය කරනවා.

ඇත්තෙන්ම මධුරංග අපි මේ ගැන පසුවට වැඩි දුර කථා කරමු.

නමුත් නාස්තිකාර පුද්ගලයාගේ උපමා කථාව ඔබ සදහන් කල නිසා මෙය සදහන් නොකර සිටියහොත් යමි කෙනේක් එය වැරැදියට තේරැම්ගතහැකියි. ඒනිසායි ඔබේ ප්‍රතිචාරය දුටු විගසින්ම මෙය සටහන් කිරිමට අදහස් කලේ.

නාස්තිකාර පුද්ගලයාගේ කථාව උපමාවක්. උපමාවක් කියන්නේ යම්කිසි දෙයක් කෙනෙකුට ඉතා සරලව තේරැම් කර ගත හැකි වන ලෙස සමාජයේ පවතින උදාහරනයක් පෙන්වාදි පැහැදිලි කරිමයි. මේ උපමාවේදි පැහැදිලි ක​​ලේ දෙවියන් වහන්සේ අපට කොපමන වැරදි කලද අප ඒ වැරදි වලින් මිදි ​නිවරැදි මගට පැමිනෙන්නේ නම් ඒතුමන් ඉතා ප්‍රීතියෙන් අපව භාරගන්නා බවත් අප නිවරැදි මගට පැමිනෙන්නේ නම් අප වෙනුවෙනුවෙන් ඉතාම වැදගත් දෙයක් වුවද යෙදවීමට සුදානම් බවත්ය.

හිතන්න මිදි වත්තේ ස්වාමියාගේ උපමාව, එකේ ස්වාමියා තම සේවකයන්ට මිදි වත්ත බාරදි ටික කලකට පසු පලදාව ලබා ගැනිමට තමාගේ නියොජිතයෙකු යැවු විට ඔහුව මැරුවා. ඉ​ට පස්සේ තමාගේම පුතාව යැවු විට එයාවත් මැරැවා. එහෙනම් ඒ කථාව නිසා අපිට කියන්න පුලුවන්ද බයිබලයේ අහවල් තැන මිනි මැරිමක් සදහන් වෙනවා ඒ නිසා මිනි මැරැවාට කමක් නැහැ කියලා. කෙසේ වත් බැහැ නේද?.

බයිබලයේ තිබෙන් උපමා වල එහෙම නැත්නම් ඕනෑම උපමාවක තේරැම ඒ සමාජරටාවත් එක්ක අප විග්‍රාහා කලයුතු වෙනවා.

1 comment:

  1. මගේ කමෙන්ට් එකට පිලිතුරු සැපයුවාට ගොඩක් තුති !!!! මං හිතාගෙන හිටපු මතය වැරදියි කියලා හිතුනේ දැනුයි. මේ ගැන නම් දිගින් දිගටම කතා කරමු. මමත් මම දන්න තරමින් හොයලා අදහස් පල කරන්නම්.

    පරන ගිවිසුමේ සමහර තැන් වල නම් මස් අනුභවය තහනම් කරපු තැන් තියෙනවා නමුත් නව ගිවිසුමේ එහෙම තැන් තියෙනවද කියලා සොයා බලන්න නම් ඕනේ. මම එදිනෙදා බයිබලය කියවන කෙනෙක් හන්දා මමත් ටිකක් හොයන්නම් !!!!

    ReplyDelete